Tuesday, January 4, 2011

කළවා ත්‍රස්තවාදය - න්‍යායික හැඳින්වීමක්...

මෙම ලිපිය ලිවීමට මූලිකම හේතුව වනුයේ මා විසින් මෙම බ්ලොග් අඩවිය පිළිබඳව කරන ලද වැදගත් සොයාගැනීමකි. එනම් අප රජයේ උගත් ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම අඩවියේ පළවන අගනා අදහස් සීරුවෙන් අධ්‍යයනය කරන බවයි. මෙය සාක්ෂි සහිතව සනාථ කල හැකි කදිම නිදර්ශනයක් පසුගිය දිනවල ඔබ දකින්නට ඇත. ටී.බී. ගේ කොට ගවුම් කචල් එක යනුවෙන් ජන වහරේ හැඳින්වෙන මෙය, සත්‍ය වශයෙන්ම මා විසින් කලකට ඉහතදී යෝජනා කරන ලද ශෘංගාර කලාප පාලක හෙවත් ශෘ.ක.පා. කොමිසමයි. (මෙතෙක් කියවා නැතිනම් කියවා ආවත් කමක් නැත). එහි නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් සම්මාන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාද කටයුතු කිරීම මා හට සැබවින්ම ආශ්වාදයකි.

ශෘ.ක.පා. කොමිසමේ නිර්මාතෘවරයා වශයෙන් මේ අවස්ථාවේදී මෙම කොමිසමේ කාර්ය භාරය සහ අනාගත අභියෝග පිළිබඳව යම් අදහසක් පළ කිරීම මගේ ජාතික වගකීමක් බව ඔබද පිළිගන්නවා ඇත. ඇත්තෙන්ම මෙම කොමිසමේ කාර්ය භාරය වනුයේ අප රට තුළින් මෙතෙක් සොයාගත් දරුණුම ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලාංකීය ජාතිය හෙවත් පිරිමි අපි සූදානම් කිරීමයි. අප විසින් පරාජය කරන ලද එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙන් සිය දහස් ගුණයක් බරපතළ මෙම ත්‍රස්තවාදය කළවා ත්‍රස්තවාදය ලෙස මා නම් කරමි. මෙහි මූලික ලක්ෂණ පහත පරිදි වේ.

· අප දන්නා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මෙහෙයවනු ලැබුයේ උතුරු හා නැගෙනහිර දෙමළ ජාතික සුළුතරයක් විසිනි. එහෙත් මෙම ත්‍රස්තවාදය ගෙනයන්නේ පිරිමි අපගේ මූලිකම අවශ්‍යතාව වන ආතල් එක පිණිස (සහ අප වර්ගයා බෝ කර ගැනීම පිණිසද) අප විසින් කවා පොවා ඇති දැඩි කරනු ලබන කාන්තාවන් නම් බහුතර සත්ව විශේෂයයි.

· එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය උත්සාහ දරනු ලැබූයේ අප මාතෘභූමියෙන් කොටසක් අල්ලා ගැනීමටයි. එහෙත් මෙම කළවා ත්‍රස්තවාදය සෘජුවම මැදිහත් වන්නේ විදේශීය ආක්‍රමණිකයන්ට පවා විනාශ කල නොහැකි වූ පිරිමි අපගේ උතුම් සංස්කෘතිය සහමුළින්ම විනාශ කිරීමටයි.

· එල්.ටී.ටී.ඊ. කාරයින් තම යුද්ධය සඳහා විවිධ සැහැල්ලු සහ බර ආයුධ මෙන්ම ගුවන් යානාද භාවිතා කරන ලදී. මේවා කොතෙක් භයානක වුවද ප්‍රති ප්‍රහාර දී විනාශ කල හැකි යාන්ත්‍රික මෙවලම්ය. එහෙත් මෙම කාන්තා ත්‍රස්තවාදීන් ආයුධ වශයෙන් භාවිත කරන්නෙ කලවා, බුරිය,කිහිළි වැනි ශාරීරික අංගෝපාංගයන්ය. කොටින්ට මෙන් නොව, මේවාට ප්‍රතිප්‍රහාර දුනහොත් අපට පව් සිද්ධ වන බැවින් ආරක්ෂා වීම හැර වෙනත් විකල්පයක් නැත.

· කොටි ත්‍රස්තවාදී ප්‍රහාර වලින් මරණය හෝ විවිධ තුවාල අපට සිදුවුවද ඒවා ශාරීරිකය. එහෙත් මෙම ප්‍රහාරයන් කෙළින්ම මොළයට හානි කරයි. උදාහරණයක් ලෙස කලවා වලින් කරන පහර දීමකදී පිරිමියෙකුගේ මොළයට වන හානිය, තොලකට වෙව්ලීම, දිව වියලී තිබියදී කටේ පැත්තකින් කෙල බේරීම වැනි විකාර රෝග ලක්ෂණයන්ගෙන් මනාව විශද වේ.

· මෙම ත්‍රස්තවාදයේ අවසන් අරමුණ ලාංකීය ජාතිය වන පිරිමි අපි ඇවිදින මළකඳන් බවට පත් කොට කාන්තාවන් විසින් අප මතෘභුමියේ බලය අල්ලා ගැනීමයි. පිරිමි අපගේ මූලිකම අවශ්‍යතාව ආතල් එක බව ඔබ දනී. මෙය දන්නා කපටි කාන්තා ත්‍රස්තවාදීන් කරන්නේ, අපගේ ආතල් පිණිස අප විසින් චිරාත් කාලයක් තිස්සේ වසා දමා තිබූ ඔවුන්ගේ රහසිගත ප්‍රහාරක කලාපයන් ප්‍රසිද්ධියේ විවෘත කිරීමයි. ලෙහා දැමූ මල්ලක ඇති කුතුහලයක් හෝ දෙවේලේ දකින කරමලයක ඇති වර්ණයක් හෝ නොමැති බව න්‍යායික සත්‍යයකි. එහෙයින් ඔවුන් මේ විනාශ කරන්නේ අප මෙතෙක් ඔවුන්ගෙන් විඳි ප්‍රමෝදයයි. එය නැති තැන අප සංකේතීයව මියගොස් බටහිර පර සුද්දන් මෙන් නිවට නියාළු ජාතියක් බවට පත්වීම අනිවාර්යයකි.

මා කළින් සඳහන් කල පරිදි මෙය මිහිපිට පහළ වූ දරුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය බව දැන් ඔබ පිළිගන්නවා ඇත. මෙම ව්‍යසනයෙන් ගැලවිමට අප කල යුත්තේ කුමක්ද? මෙය අප මාතෘභූමියේ අයිතිය වෙනුවෙන් පිරිමි අප සැම එක්සිත්ව නැගී සිටිය යුතු මොහොතකි. නියපොත්තෙන් කැඩිය යුතු දෙය පොරොවෙන් කැපිය යුතු නොවේ. පහත යෝජනා ඒ වෙනුවෙනි.

· මුළින්ම කල යුත්තේ සම්මත ශෘංගාර කලාප පනත උල්ලංඝනය කරන කාන්තාවන් අල්ලා නීති මගින් කටයුතු කිරීමයි. නීතිය සහ සාමය රැකීම සදහා සිටින්නේද අති බහුතරයක් පිරිමින් බැවින් මෙය අපට වාසිදායකය.

· මෙයට අමතරව ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන එවන් ත්‍රස්තවාදීන් ඉලක්ක කොට දිගු දුර විහිදුම් දැලිපිහි සහ බ්ලේඩ් බලකායක් ස්ථාපිත කල හැකිය.

· මෙම කාන්තා ත්‍රස්තවාදීන්ගේ මොරාල් එකට හානි කිරීම සඳහා ශාස්ත්‍රාලීය ආයතන පරිශ්‍රයන් තුල පෝස්ටර් ව්‍යාපාරයන් ඇරඹිය හැකිය.

· ‍මෙම ත්‍රස්තවාදය සඳහා විදේශීය සහයෝගය ලැබීම අවම කිරීම සඳහා ජාත්‍යන්තරය දැනුවත් කිරීමට, වැඩි වැඩියෙන් දේශප්‍රේමී ෆේස්බුක් ගිණුම් සහ වෙබ් අඩවි ඇරඹීම උචිත යයි සිතමි.

· මෙම කාන්තා ත්‍රස්තවාදීන් අතර සිටින අපගේ චින්තනය සහිත හෝ අපටත් වඩා දේශප්‍රේමී කාන්තා ශරීර ඇතියන් භාවිතා කොට ශක්තිමත් බුද්ධි අංශයක්ද නිර්මාණය කල හැකිය.

· එමෙන්ම පිරිමි අප අතරම හිඳ මෙම ව්‍යාපාරයන්ට සහාය දෙන විකිලීක්ස් කාරයින්ට සම්බුව දීම සඳහා දිවයින වැනි පුවත්පත් ඇතුළු සියළු දේශප්‍රේමී මාධ්‍ය සීරුවෙන් තැබිය යුතුය.

· අපගේ අභිමතාර්ථ ප්‍රකාරව තම ශරීරය පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අඩු වයස් කාන්තා ජීවීන්ගේ මොළ ශෝධනය සඳහා අපගේ ප්‍රමිතීන් උපක්‍රමශීලීව පාසල් විෂය මාලාවට ඇතුලත් කල යුතුය.

· අවසන් වශයෙන් මෙම මානුෂික මෙහෙයුම වඩාත් පහසුවෙන් සිදුකල හැක්කේ අප විසින් කාන්තාවන් ඇති දැඩි කරනු ලබන අපගේ නිවෙස් තුළදීය. සම්මත සංස්කෘතික නීතීන් අභිබවා යන කාන්තාවන් සඳහා අවම බලය භාවිතා කිරීමට දැනටමත් අපට අවසර ලබාදී ඇත. එමෙන්ම අඩු වයස් කාන්තා ජීවීන් පෝෂණය කරනු ලබන පියවරුන් නම් වන පිරිමින් හට විශේෂීත වගකීම් පැවරේ. කෙදිනක හෝ වෙනත් පිරිමියෙකු වෙත පාවා දීමට නියමිත එම අඩුවයස් ජීවියා, එකී පාවා ගන්නා පිරිමියා හට උපරිම ප්‍රයෝජන ගත හැකි වන පරිදි සම්පූර්ණයෙන්ම ආවරණය කොට ඇති දැඩි කිරීම ඔවුන්ගේ වගකීමකි.

සැබවින්ම මෙම අභියෝගය හමුවේ අප වඩාත් තීක්ෂණ විය යුතුය. බලය බෙදා හැරීම වෙනුවට බලය මුදා හැරීම මගින් සියළු කාන්තාවන්ගේ දෑතේ මැණික් කටුවේ සිට දෙපයේ මැණික් කටුව දක්වා සියල්ල වසා දැමීම අප ඒකායන අරමුණ විය යුතුය. මෙහි අතිරේක මහඟු වාසියක් ලෙස, කාන්තා ශරීරයේ දෑතේ මැණික් කටුවේ සිට වැළමිට දක්වාද, අත් ගොබ ද, දෙපයේ බත් කෙණ්ඩා මෙන්ම දණීස් පොල්කටු ද නව ශෘංගාර ජනක කලාපයන් ලෙස සංවර්ධනය කොට අප නූපන් පරපුර වෙත දායාද කිරීමට අපට හැකිවනු ඇත. එන්න අප හා එක්වන්න. මේ ඔබේ ජාතිය (නැවත වරක්) වීරයන් සොයන කාලයයි.

30 comments:

  1. නිවට පාලක රැළ විසින් පටු මනසක් ඇති (එමෙන්ම කැත සිත් ඇති - බස් එකේදී හොඳ කඳක් බලලා ජැක ගහන, එහෙත් ලොවට උපාසකයින් මෙන් පෙනී සිටින) මිනිසුන් කොට්ඨාශයක් රවටා තමන්ටම හුලංගසාගෙන පත්තරවල හෙඩ් ලයින් බෝ කරගැනීමේ උපායමාර්ගයකි මෙය.

    මෙයට විරුද්ධවන අප රටේ සංස්කෘතිය විනාශ කරන බටහිර ගැත්තන් ලෙස හංවඩු ගැසෙනු ඇත.

    කොට ගවුම් වලට මැරෙන්න යන මේ ප්‍රබුද්ධයින් රට පුරා ලිංගික වහල්කමේ යොදවා සිටින ගැහැනු හා පිරිමි බාළවයස්කාර දරුවන් ගැන මුකුත් නොකරන්නේ මන්දැයි මට අසන්නට සිතෙන්නේ මා දේශ ද්‍රෝහියෙක් වන නිසාම වන්නට ඇත.

    ReplyDelete
  2. මමනං එක පයින්!
    ගෙයින් එළියට එකකුත් ගේ ඇතුලට එකකුත් වශයෙන් කාන්තාවන්ට ඇඳුම් වර්ගකර සපයා දිය යුතුය. මේ සඳහා මිතුරු ඉරාන ජාතියෙන් උපදෙස් ගත හැකි අතර ඒ ඒ අවස්ථාව අනුව ඇඳීම පිණිස කාන්තාවන්ට නිල ඇඳුම් සපයා දිය යුතුය. එසේම මේ ආකාරයට කොයිතරම් උපක්‍රමශීලී වුවත් ආතල් ගන්නා අවස්ථාවකදී කාන්තාවන් පිරිමින්ව උපායෙන් රවටාගන්නට ඉඩ ඇති නිසා එම කර්තව්‍යය කිරීමේදී අතපය බැඳ දමා කටේ පාංකඩ ඔබා දෑස් බැඳ එය කරගැනීමට හැකි පරිදි පනතක් සම්මතකරගත යුතුය!

    ReplyDelete
  3. ෂූ....ෂූ...චෑ...මේ...කට....කට....
    පිරිමි අපේ සංස්කෘතිය වගේද ආතල් එක....ඒ ආතල් එක නැත්තන් අපේ සංස්කෘතිය...පුහ්...
    අනික මේව මෙහෙම ප්‍රසිද්දියේ කියනවැයි?ගෑනු ටික මේක දැකල වර්ගයා බෝ කිරීම වර්ජනය කලොත් කාටද පාඩු...හා කාටද?අපේ බලකාය බලන් ඉද්දි නැති වෙයි.
    මේකට වැඩක් දෙන්නම ඕනෙමයි කියල හිතෙනවනන් උපාය මාර්ගික ලෙස ඔය විමල් ගොය්යා ඩොක්ටර් වගේ දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ඕක කරන්න පුලුවන්නේ..අර ශා.කා.පා ගැන ලිව්ව වලිසුන්දර වුනත් කමක් නෑ.
    ආ තව එකක් ඔය සතුරු බලකායේ පැරනිම ඒත් බලවත්ම ආයුදය තමයි සාරිය,ඕකටත් වැඩක් දෙන්න ඕනා,විශේශයෙන් ටයර් දාගෙන සාරී අදින අයට.ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම උනොත් නන් ලොක්කට තම ඇඹණිව තැනකටවත් එක්කොරගෙන යන්න බැරි වෙනව.

    ReplyDelete
  4. yako oita wada karanna rate thawa weda thiyanawa. badu mila ahasa usata.

    ReplyDelete
  5. අපොයි ... ඇයි මේවයේ අතුරු විපාක ...

    මෙයට එරෙහි වන කාත්නා ත්‍රස්තවාදීන් වෙනත් විකල්ප ක්‍රම මාර්ගයේ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සම්බන්ධ විය හැකි සියලුම අවස්ථාවන් ඇහිරිය යුතුය. එනම් ෆේස් බුක් කාත්තාවන්ට තහනම් කලාපයක් කල යුතුය ( නැතිනම් මොවුන් කල්ලි ගැසී විදේශාධාර ලබා ගත හැකිය)

    බ්ලොග් මගින් අනවර්ථනාමයෙන් පෙනී සිටිමින් හඩ නගන කාන්තා ත්‍රස්තවාදය මැඩලිය යුතුය.

    ඇයි මෝස්තර නිරූපණ ශිල්පිනියන් සහ මෝස්තර නිර්මාණකරුවන් ට වැඩි වැඩියෙන් රෙදි යොදා ගැනීම සඳහා සලාක ක්‍රමයට හෝ බදු රහිත මිලට රෙදි මිලදී ගත හැකි ක්‍රම සකසා දිය යුතුය.

    හින්දි සිනමා පට තහනම් කළ යුතුය.

    ටිකිරි ලියා කවියේ ළිඳට යන ටිකිරි ට ද කළු පොරෝනයක් ලබා දී පූැුවාදර්ශයක් ලෙස ජනප්‍රිය මාධ්‍ය වලින් ප්‍රජාරයක් ලබා දිය යුතුය....

    අනර්ඝ ලිපියක් ......

    ReplyDelete
  6. ඉරානය වගේ අන්තවාදී වෙන්නේ නැතුව ක්‍රියාත්මක කරනවානම් අවුලක් නැත.
    (ලංකාව හිම වැටෙන රටක් නෙමෙයි නේ)
    ගෝනි බිල්ලෝ වගේ නැතුව, කොල්ලෝ චූන් කරන්නේ නැති ඇඳුමක් ඇඳන් ගියාට නම් ඉතින් වරදක් කියන්න බෑ. (කාන්තා නිදහසලු නේ)

    ReplyDelete
  7. ලිපිය අසූචි පිඩක්. මේ නීති අදාල වෙන්‍ නේ සංස්කෘතික හා ආගමික ස්ථාන වලට පමණි. සුපුරුදු පරිදි අවජාතක නඩයේ තලියේ කිඹුලන් දැකීමකි.

    ReplyDelete
  8. ගෑනුන්ට ඡන්ද අයිතිය,රස්සාවල් කිරීම,ඉගෙන ගැනීමේ අයිතිය තහනම් කරමු.එතකොට ඔවුන්ට ගෙදරින් එලියට යාමේ අවශ්‍යතාව අවම වීම නිසා ගෙදර ඉන්නා පුරුෂයන්ටම ඔවුන් මේච්චල් කරගත හැක.පිරිමි සංහතියේ බලා ආතල් ගැනීම සඳහා ,කැසිනෝ ගහන්න අපේ උතුම් වූ මාතෘ භූමියට එන පරසුද්දන්ගේ ගෑනුන්ගේ දර්ශනය මදැයි.තුන්කල් බලා අර කියාපු කොමිසම චාමි කලින්ම දාපු එක හොඳට ගියා ඔන්න.

    ReplyDelete
  9. අන්තිම ඇනෝ ආයේ කියවල බලන්න මේක. කියවන්න කලින් දහයට ගණන් කරලා කේන්තිය අඩු කර ගන්න.

    මම නං කියන්නේ කෙල්ලොන්ට පිරිමියෙක් නැතුව පාරේ යන්නවත් දෙන්න හොඳ නෑ. ගියොත් පොලු පාර 10ක් ගානෙ දෙන්න ඕනෙ. අර ඇෆ්‍ඝනිස්තානෙ වගේ.

    ගල් ගහන එකත් ක්‍රියාත්මක කලා නම් ඒකට හරියන්න සයිස් ගල් හදන ව්‍යාපාරයක් වෙනම ඇති කරලා රට ස්වයංපෝෂිත කරන්නත් පුලුවන්. මේකනම් නියම අයිඩියා එකක්. ගොන් පොට් වලදි විතරද මන්ද මෙහෙම අයිඩියා එන්නෙ.

    ReplyDelete
  10. ගමේ ගොඩේ කෙල්ලන්ටනං තවම ඔය ලෙඩේ බෝවෙලා නැතිව ඇති. හැබැයි ලොකු ලොකු රස්සා කරන ගෑණුන්ට නං යටට අඳින ඒවත් එළියට පේන්ඩ ඇදන් යන එක තමයි විලාසිතාව වෙලා තියෙන්නේ.
    මෙන්න මේ කට්ටිය ගැන ඉස්සසෙල්ලාම සලකලා බලන්ඩ වෙනවා...
    1. ටෙලි නාට්‍ය, වෙළඳ දැන්වීම් සහ චිත්‍රපටි නිළියන්
    2. උසස් බැංකු හා වෙනත් ආයතන වල නිලධාරිනියන්
    3. බොස්ලාගේ සෙකට්‍රිලා
    4. පාසල් සහ ටියුෂන් සිසුවියන්

    ඔය මොනව වුණත් ලංකාවෙත් සවුදියේ තියෙන නීති රීති තිබුණා නම් ඔක්කකොටම වඩා අගේ බව මගේ පිළිගැනීමයි.

    ReplyDelete
  11. හොද ක්‍රමයක් තියෙනවා ඔයිට වඩා කෙල්ලෝ හිටියොත් නෙ ප්‍රශ්ණේ.අපි ලංකාවේ ඉන්න ගැනු ඔක්කොම මරමු.අලුත උපදින ගැනු ලම්යි ඉස්සර කරා වගේ උපන් වෙලාවෙම මරමු අර පරණ ඇත්තෝ කිව්වේ ගැනූ ජාතිය ජරා ජාතීය ගලේ ගහලා මරා දාපිය කියලා. කොහොමද වැඩේ

    ReplyDelete
  12. අපි අහුවෙයි උන්ගෙ හෙලුවට......හු හු හු
    (උන්ගේ හෙලුව උන්ට වටී)

    ReplyDelete
  13. තවකෙකුගේ රිසි ලෙස ඇඳුම් ඇඳීමේ අයිතිය පාලනය කිරීමට පෙර තමාගේ සිත කය පාලනය කරගැනීම වටී

    ReplyDelete
  14. @ පිටස්තරයා

    නැවත අදාල පුවත කියවා බලන්න. තමන් කඩේ යන මතවාදය වෙනුවෙන් බොරු විදීම නවතන්න

    ReplyDelete
  15. ගැහැණුන්ට දොට්ට බහින්න තහනම් කරනු...

    ReplyDelete
  16. මේක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් රජයේ වගකිවයුත්තොත් බඩු කාරයෝ වුනාම මේවාට සපෝට් කරන්නේ කව්ද?

    ReplyDelete
  17. තිතට හරි.. ඔහොමම තමා කරන්න ඕනි. හිහ් හිහ්
    අනේ මන්ද. මල සමයං තමා

    ReplyDelete
  18. ටී බී ගොයියත් මේවා දැකලා කුලප්පුවෙලා ගණිකා මඩමකට රිංගලා ඉඳලනේ 2004 දී නෝන්ඩි වුනේ. ඔය කොමිසමට පත් කරල තියෙන්නෙ පොන්නයොද?

    ReplyDelete
  19. මාගේ අනුදැනුම අනුව වෙනත් රටවල කාන්තා ඇඳුම් විනිවිද යන කිරණ වලට සංවේදී ඇස් කන්නාඩි ඇත..ඉතින් ඔය වසාගෙන යන සුවල්ප ප්‍රදේශයේ නියම සොබාව පෙනවන එවැනි කණ්නාඩි ගෙන්වීම වටී....
    ආගමික ස්ථාන වලට පැමිණෙන ගැහැනුන්ගේ ඇඳුම පවා පාලනය කරගත නොහැකි උතුමන්ලා ඔවුන්ගේ ජීවිත කෙසේ නම් සුවපත් කරයිද???
    මට හිතෙන හැටියට මෙය රටේ දැවෙන බඩුමිල ජනතාවට අමතක කරනු වස් ආණ්ඩුව විසින් දමන ලද තවත් ස්ලයිඩ් එකකි...පොල් 60යි..ලූනු 200යි අල 160යි ඒවට විසඳුම් හොයන්නෙ නැතුව කාන්තා ඇඳුමක් අස්සෙ ඔලුව හන්ගගන්න හදනවා....

    ReplyDelete
  20. ඇනෝනි-මස්January 6, 2011 at 12:05 AM

    ඔන්න මෙව්වා ක්‍රියාත්මක වෙලා දැනට ඉස්කෝලේ යන අපෙ කොලුවගේ උපදින කොලුවා ලොකු වෙන කොට ගෑනු වැලමිටක් දැක්කත් වැල කියල බලයි. අනේ අම්මපා...

    ReplyDelete
  21. මෙය සත්‍යය විකෘති කිරීමක් ලෙස ප්‍රකාශකල ආන්ඩුවේ නිවේදනය හොඳයි. නමුත් දමා බැලූ මුට්ටිය කුඩු වීම නිසා, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සිය ස්තාවරය දැන් වෙනස් කොට ඇතිත නැද්ද යන්න පැහැදිලි නැත.

    ReplyDelete
  22. @First Ano,

    "ලිපිය අසූචි පිඩක්. මේ නීති අදාල වෙන්‍ නේ සංස්කෘතික හා ආගමික ස්ථාන වලට පමණි. සුපුරුදු පරිදි අවජාතක නඩයේ තලියේ කිඹුලන් දැකීමකි."

    Me welawata thaliye kimbulo, vipakshaye ekek katak ariyoth thaliye kimbullu nevi, aliyo dakinne anduwane, batahira kumanthrana kiya kiya,

    Anika ehema ekak genna haduwe natnam, mechchara me loke hama web site ekakama me news eka yanne, moko api gihin liyalada

    tawa hitapan anduwe redi honda honda

    France News
    http://www.france24.com/en/20110103-sri-lanka-considers-banning-mini-skirts

    Indian Express
    http://www.indianexpress.com/news/lanka-mulls-ban-on-miniskirts-dress-code-for-public-places/732707/

    Hindustan Times
    http://www.hindustantimes.com/Sri-Lanka-may-ban-mini-skirts/Article1-645915.aspx

    Pakistan News
    http://www.pakistannews24.com/sri-lanka-mulls-ban-on-mini-skirts/

    NDTV News
    http://www.ndtv.com/article/world/now-sri-lanka-mulls-ban-on-mini-skirts-76740 ZeeTV News

    ReplyDelete
  23. "ඔය පිටස්තරයා කියන එකාට අද වැල පොයින්ට් නැති නිසා මගේ ජිනා ගමන ගැන සිහිවෙලා.. ගනන් ගන්ඩ එපා මහත්තොරුනී."

    නැහ්?

    එක අතකින් උඹ කැමතිත් ඇති. බඩු බිස්නස් එක බැහැලා ගියාම උඹලටනේ චාන්ස් එක.

    ReplyDelete
  24. මල්ලිලා.. ගනන් ගන්ඩ එපා. මේ ජිනා ගෑණි මේ තායි කොරියන් බඩු ගෙනල්ලා ලිබර්ට් ප්ලාසා එකේ තියාගෙන සප්ලයි කරනකොට මට ඇති අමාරුවක් තිබුනේ නෑ ගිහින් හැමනෙන්ඩ. ජිනා මැඩම් මේ පොට් එක ලංකාවේ සංස්කෘතියට අදාලව කරනවද කියල බලන්ඩයි මම ගියේ. එතකොට මේ තායි උස්බෙකිස්ථාන් බඩු වගේම දේශීය භාන්ඩත් බොහොම මායම් දාලා මාව අල්ලාගෙන පොලිසියට කොල් කලානේ මට අපහාස කරන්ඩ.

    ඉතින් මට පෙනුන දේ තමයි මේ බඩුවලට හැමනෙන්නේ මුන් කොට කලිසන් කොට සායවල් ගහලා "පෙන්නන්ඩද අයියා" වගේ Trailer එක ​විතරක් පෙන්නන නිසා තමයි හෙල පිරිමියා​ගේ හෙකට පන ගහල මේ ජිනා පොට් අස්සේ රිංගන්නේ කියලා.
    මීට අමතරව පාසල් ගවුම නිසා තමයි ගම්දනව් වල පඳුරු අස්සේ ළමා අතවර වෙන්නේ.
    මේ වගේ Trailer නොමිලේ පෙන්නන නිසා වැඩිවිය පත්උන දා ඉදලා කොල්ලන්ට බදිනකං අතට පත්තු බදින්න සිද්ද වෙනවා..
    මේ බුදුන්ගේ ​රාජ්‍යයයි පස් වරක් පහ විසි පහයි කියලා තමා ඉතින් මම දැන් මේ කරුම​ කොට ඇදුම් ත්‍රස්තවාදයට පිලියම් හොයනවා...

    මීට
    ************


    PS.
    ඔය පිටස්තරයා කියන එකාට අද වැල පොයින්ට් නැති නිසා මගේ ජිනා ගමන ගැන සිහිවෙලා.. ගනන් ගන්ඩ එපා මහත්තොරුනී.

    (සොරි ඇනෝ... මගේ භෞමික අඛණ්ඩතාව රැකගැනීම උදෙසා කොමෙන්ටුවේ එක වචනයක් ***** කලා - Charmi)

    ReplyDelete
  25. හොද හා නරක දෙකම ඇත..

    මම දන්න විදියටනම් ලංක්කාවෙ ඇදුම්වල ලොකු අවුලක් නම් නැ...
    නැත්ත්නෙමත් නැ...
    සමහර කෙල්ලො පන්සල් යන්නෙ නාන්න යනව වගෙ...
    තමන්ම පාලනය වෙන 1ක තමයි වඩා හොද...
    කොල්ලොත් යනව කොට කලිසමක් ගහගෙන ගාන්ටාරෙ ඌ වගෙ හරියට...
    මනමාලියො බලන්න ගිහාම බිම 1ක අල්ලනව මුලු ඇගම වහගෙන.... හා කියාගන්නත් බැ බැ කියගන්නත් බැ...
    මනමාලය පව්... හරියට කද බලාගන්න බැ... හා කියල දැක්කට පස්සෙ බැ කියන්න තමයි වෙන්නෙ


    තමන් යන්නෙ කොහෙද? කත් එක්කද? යන්නෙ මොකෙද?
    දවල් ද? ‍රැද? ඔක්කොම බැලුම් බලල තමයි ඇදුම් අදින්න ඔන...
    ගැනුත් පිරිමිත් 2ගොල්ලොම.
    නිති දාල වැඩෙ අල වෙයිද?

    අනිත් 1ක ඔය අන්සයෙන් නිටියෙ ‍රැහැනට ගන්න අපෙ පොලිස් අයියලටයි අක්කලටයි හයියක් තියෙද?

    මොක උනත් පොස්ට් 1ක එලට ලියල තියනව....

    ReplyDelete
  26. තරු හතයි මල් පහයි ඈ...

    ReplyDelete
  27. post eka dala awrudu hatarakata wedi. mmm den sidu wena de menna. tatta sudu sarama digata endala tamange awurudu 16 duwa ekka pansal enne duwata agal 15k taram skirt ekai transprncy blous ekai andawagena

    ReplyDelete